නවතම පුවත්

ඩෙල්ටාවෙන් ජීවිත රැකගන්නේ කෙසේද ? – රජයේ අලුත්ම උපදෙස් මාලාව මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වේගයෙන් පැතිර යමින් තිබෙන කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදයෙන් ජීවිත ආරක්ෂා වීම සඳහා නොපමාව කොවිඩ් මර්දන එන්නත ලබාගන්නැයි රජය , මහජනතාව වෙත  දැනුම්දේ.

.නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, සෑම පුද්ගලයෙක් ම රෝගයට ගොඳුරුවීමේ අවදානමකට මුහුණ පා සිටින බවය.

මේ අතර ආසාදිතයින්ගෙන් සියයට 1.5ක් පමණ මරණයට පත්වෙන බව ද එම නිවේදනයේ සඳහන්ය.

වැඩි පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති අතර වසංගතයට ගොදුරු නොවී සිටීමට නම් පිළිපැඳිය යුතු උපදෙස් කිහිපයක් ද සෞඛ්‍ය බලධාරීන් නිකුත් කර තිබේ.

එම උපදෙස් පහත දැක්වේ

*සියල්ලම පළමුව හැකි ඉක්මනින් කොවිඩ් එන්න ගන්න. ලොව පුරා වැඩිම පිරිසක් දිවි බේරාගෙන ඇත්තේ කොවිඩ් එන්නත ගැනීමෙනි.

*අත්‍යවශ්‍යම කාර්යයකට මිස නිවසින් පිටතට නොයන්න.

*සෙනඟ ගැවසෙන මංගල, අවමංගල්‍ය හා වෙනත් උත්සවවලට සහභාගීවීම සම්පුර්ණයෙන් නතර කරන්න.

*පොදු ස්ථානයකට යනවිට අනිවාර්යයෙන්ම මුඛ ආවරණ පලඳින්න.

*කාමර, ශාලා, විදුලිසෝපාන, වාහන වැනි ආවරණය කළ ස්ථානවල සෙනඟ සමඟ ගැවසෙන්න එපා.

*විටින් විට සබන් යොදා දෑත් සෝදන්න.

*අන්‍යයන් සමඟ මීටර දෙකකට වඩා දුරින් සිටින්න.

*නිදන්ගත රෝග ඇත්නම් රැකියාවට මිස නිකරුණේ නිවසින් පිටතට යන්න එපා.

*ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ ජීවිත රැකගැනීම අනන්‍යයන්ට භාර නොදී ඔබේ වගකීම ඉටුකොට ඔබත් පවුලත් ආරක්ෂා වෙන්න.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්