ඩෙල්ටා ආසාදිතයින් ගණන 68 දක්වා ඉහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වේගවත් ව්‍යාප්තියක් ඇති ඉන්දීය ඩෙල්ටා  කොවිඩ්  ප්‍රභේදය ආසාදනයවූ තවත් 30 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ 14කින් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කර සිටී

මේ අනුව මෙරටින් මේදක්වා හමුවී ඇති ඩෙල්ටා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් ඇත .

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව, කෝට්ටේ, රත්මලාන,අංගොඩ, නවගමුව, ගල්කිස්ස, කැස්බෑව යන ප්‍රදේශවලින් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම සහ මිගමුව ප්‍රදේශ වලින් මෙම  ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊට අමතරව කළුතර – බේරුවල, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, දඹුල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් ඉකුත් සතියේදී ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය ,

” දැනට වාර්තා වෙලා තියෙන ඩෙල්ටා ආසාදිතයින් ගණන 61ක් වුනාට මීට‍ වඩා ආසාදිතයින් ඉන්න හැකියාව තියෙනවා. දැනට සිදුකරපු පරීක්ෂණ වලින් තමයි මේ පිරිස හම්බ වෙලා තියෙන්නේ. තත්ත්වය මිට වඩා වෙනස්. ඒ නිසා සියලු දෙනාම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. වෛරසයට නිරාවරණය නොවී ඉන්න”