ඩෙල්ටා ආසාධිතයෙකුගෙන් වාතයට පිටවන වෛරස ප්‍රමාණය ගැන විශේෂ හෙළිදරව්වක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයකුට වඩා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකුගේ  වාතයට එක් කරන වෛරස ප්‍රමාණය  100 ගුණයකින් ඉහළ බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටී .

මේ පිළිබඳව අදහස් පළ කළ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ, ශරීරයට ඇතුළු වීමෙන් පසු දිනයක් දෙකක් ඇතුළත් වෛරසය ශරීරය තුළදී විශාල වෛරස ප්‍රමාණයක් ජනනය කරන බවය

ඒ අනුව ශරීරය තුළ වෛරස ප්‍රමාණය වැඩිවීම තුළ සංකූලතා ඇති කිරීමේ හැකියාව ද ඉහළ බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.