මෙරට තුල ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘත කිහිපයක් මේ වනවිට සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනාවරණය කර සිටී .
මෙරට සිදුකල විද්‍යාත්මක පර්යේෂණ හරහා මේ බව අනාවරණය වී ඇති බවත් , මෙරට කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වීමටද මෙම විකෘති තත්වයන් බලපා ඇති බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය
SA 222 – V, SA 701-S සහ SA 10718-S යනුවෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ මෙම විකෘති හඳුනාගෙන ඇති අතර එහිදී වෛරසයේ S ප්‍රෝටීනයේ ජාන කේතයේ සිදුවූ විකෘති භාවයන් සිදුව ඇති බවද පර්යේෂණ හරහා සනාථ වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය