ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට, චීන එන්නතට පුළුවන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මඟින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව  ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව දේශීය ව සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත .

, මේ සතියේ මුල් දින කිහිපය තුල එම   පරීක්ෂණයට අදාළ වාර්තා එළිදැක්විය හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය . මෙය එම චීන එන්නත ලබාගත් මෙරට පුද්ගලයින්ට ඉතා සතුටුදායක පුවතක් වනු ඇති බවද ඒ මහතා පැවසීය .

ඒ අනුව සයිනොෆාම් එන්නත ලබාගත් මෙරට පුද්ගලයින්ට ,  ඩෙල්ටා කොවිඩ්  ප්‍රභේදයට අදාලව  විශේෂ රැකවරණයක් ලැබෙන බවද   රාජ්‍ය අමාත්‍යවරයා මාද්‍ය වෙත  සඳහන් කළේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම් යටතේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගයක් ලංකාවට ලැබී ඇතැයි ද පැවසු චන්න ජයසුමන මහතා, එන්නත් සඳහා වැයවන වියදම ණයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදීමට නියමිත බව ද පැවසීය.