නවතම පුවත්

ඩොලරයේ මිල ස්ථාවරව පවත්වා ගන්න – මහබැංකු අධිපති ඉල්ලා සිටී .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමරිකා ඩොලරයේ මිල රු. 200 – 203 ක ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යන ලෙස මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සියලු බලපත්‍රලාභී බැංකු ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

විනිමය අනුපාතයේ අධික අස්ථාවර භාවය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වල දේශීය මිල ගණන් වල අහිතකර ගැලපීම් ඇති වන බවත් , එමඟින් සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වයන්ට අතිශයින් අහිතකර බලපෑම් ඇති වන හෙයින් මහ බැංකු අධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මේ වන විටත් පියවර කිහිපයක් ගෙන ඇති අතර, මේ රටේ මුල්‍ය ප්‍රජාවේ වගකිව යුතු සාමාජිකයින් වශයෙන්, ඇමෙරිකානු ඩොලරයකට රු. 200 – 203 සහ ඊට අනුරූපව මෙම එකඟ වූ අනුපාත පරාසයෙන් පවත්වාගෙන යාමට ක්‍රියාකාරී හා ස්ථිරසාර සහයෝගීතාව අවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සියලුම බලපත්‍රලාභි බැංකු ප්‍රධානී ගෙන් ඉල්ලා ඇත.

මේ අතර මීට පෙර ඩොලරයේ මිල ස්ථාවර අගයක මහ බැංකුව දෛනිකව ප්‍රකාශ කර සිටිය ද පෞද්ගලික බැංකු ඇතුළු විධිමත් විදේශ විනිමය වෙළෙඳපොළේ එය රු. 230 ක් දක්වා ඉහළ මිලකට අලෙවි විය. කෙසේ නමුත් අවිධිමත් හෙවත් කළුකඩ මිල ඇමෙරිකා ඩොරලයක් වෙනුවෙන් රු. 240 – 250 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මහ බැංකු අධිපතිවරයා කළ මෙම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පෞද්ගලික බැංකු ඊයේ (08) දිනයේ ඇමෙරිකා ඩොලරයක ගැනුම් මිල රුපියල් 196.10 කටත් , විකුණුම් මිළ රුපියල් 203 ක් වශයෙන් මිළ සටහන්ව පැවතීනි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්