ඩොලරයේ විකුණුම් මිල රු. 184 පන්නයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරය ගැනුම් මිල රු. 180.3622 ක් හා විකුණුම් මිල රු. 184.0354 ක් වශයෙන් වාර්තා විය. 2019 ජනවාරි 17 න් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 184 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

අද දින නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) සටහන් වුයේ රු. 182.3272 ක් ලෙසිනි.