නවතම පුවත්

ඩොලරය තවත් පහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 310.54 ක් සහ රු. 320.40 ක් ලෙසින් සටහන් වී තිබේ.

මේ අතර අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) 2023 ජූලි 14 දිනෙන් පසු පළමු වරට අද දිනයේ දී රු. 316 මට්ටමට පැමිණ ඇති බව මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය සටහන් වී ඇත්තේ රු. 316.12 ක් ලෙසිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 ජනවාරි මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරට සාපේක්ෂව සියයට 2.1 කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

2023 දෙසැම්බර් මස විදේශ අංශ ක්‍රියාකාරීත්ව වාර්තාව ප්‍රකාශයට පත් කරමින්, විනිමය අනුපාතිකයෙහි හැසිරීම පිළිබඳව මහ බැංකුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

විනිමය අනුපාතිකය 2023 වසරේ දෙසැම්බර් මාසය තුළ දී අඛණ්ඩව පැවතුණු අතර, 2023 වසර තුළ දී සියයට 12.1කින් අතිප්‍රමාණය විය. එකැන් සිට අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුණු අතර, 2024 වසරේ ජනවාරි මාසය තුළදී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.1 කින් අතිප්‍රමාණය විය. මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හසිරීම පිළිබිඹු කරමින්, 2023 වසර තුළ දී සහ 2024 වසරේ ජනවාරි 31 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්