සංචාරකයින් 105 ක් සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක්ගෙන් යුුුතු ප්‍රංශ නෞකාවක් අද (07) ගාලු වරායට සේන්දු විය.
ඉන්දියාවේ කොචින් වරායේ සිට ගාල්ල බලා පැමිණි මෙම සංචාරකයන් අද රාත්‍රියේ ත්‍රිකුණාමළය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ දින තුනක් රැදෙන මෙම සංචාරක පිරිස ආපසු ලබන 09 වැනිදා මෙරටින් පිටව යාමට නියමිතව ඇත.
සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත මෙම මගී නෞකාව සිය පළමු ගමන්වාරය සනිටුහන් කර ඇත්තේ 2018 ඔක්තෝබර් 25 වැනිදාය. ඒ ප්‍රංශයේ හොන්ෆ්ලෙයර් සිට පෘතුගාලයේ ලිස්බන් නුවර දක්වාය.
