නවතම පුවත්

ඩොලර් ගේන්න මහ බැංකුවෙන් අලුත් තැනක්

Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීම සඳහා විශේෂ  දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර ඇත.

ආසන්න වශයෙන් 100% ක දේශීය අගය එකතු කිරීමකින් සමන්විත වන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් වල ප්‍රධාන මූලාශ්‍රයක් වන සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, රටෙහි විදේශීය අංශයෙහි ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දෙයි. පසුගිය දශක දෙක තුළදී වාර්ෂික වෙළඳ ගිණුමෙහි හිඟයෙන් 80% ක් පමණ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වලින් ආවරණය වී ඇති අතර, රට තුළට විදේශීය ප්‍රේෂණ ගලා ඒම ශක්තිමත් වීම මගින් විධිමත් බැංකු පද්ධතිය තුළට විදේශ විනිමය ගලාඒම් සුමට වීම සහ ආදායම හා ප්‍රාදේශීය විෂමතාවයන් අවම වීම යනාදී සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් ජනිත වේ.

මෙම පසුබිම තුළ, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රට තුළට ගලා ඒමට පහසුකම් සැලසීම සහ එය විධිමත් කිරීම සඳහා 1949 අංක 58 දරන මුදල් පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021.11.03 දින සිට බලපැවැත්වෙන පරිදි නව දෙපාර්තමේන්තුවක් “විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව” නමින් ස්ථාපිත කරන ලදි. මෙම දෙපාර්තමේන්තුවට අදාළ ඇමතුම් විස්තර පහත පරිදි වේ.

විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපියනය ඔස්සේ ද දුරකථන අංක +94 11 247 7101 සහ +94 11 2 477 000 ඔස්සේ ද ෆැක්ස් අංක +94 11 247 7710 ඔස්සේ ද  [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් ද වැඩි විස්තර ලබාගත හැකිවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්