නවතම පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වටයක් ශ්‍රී ලංකාව කල්දමලා

අසංක

අසංක

ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වටයක් ශ්‍රී ලංකාව විසින් කල්තබා තිබේ.

ණයහිමියන් විසින් ඉල්ලා සිටින පැහැදිලි කිරීම් සැපයීමට මහ බැංකු සහ භාණ්ඩාගාර නිලධාරීන්ට ඉඩ සැලසීම සඳහා ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ එම සාකච්ඡාව කල්තබා ඇතැයි බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇතැයි රෝයිටර් පුවත් වාර්තා කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව අයදුම් කර ඇති මුදල් ඇපකරය ලබාගැනීමට නම් චීනය, ජපානය සහ ඉන්දියාව ඇතුළු මෙරට ප්‍රධාන ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූල්‍ය සහතික ලබා ගැනීම අවශ්‍ය ය.

‘විවිධ ණය හිමියන්ට පැහැදිලි කරගැනීමට අවශ්‍ය විවිධ ගැටලු තිබෙනවා. එබැවින් මෙම පැහැදිලි කිරීම් ප්‍රථමයෙන් දැනුම් දී පසුව තවත් සාකච්ඡා වටයක් සඳහා නව දින නියම කිරීමට තීරණය වුණා’ මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා සඳහන් කරයි.

කෙසේවෙතත් නව සාකච්ඡා වටය සඳහා දිනයන් තවම තීරණය කර නැත.

“මේ වන විට කිසිදු ද්විපාර්ශ්වික ණය හිමියෙකු අපට සහය නොදක්වන බව දන්වා නෑ.” පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා “අපට ඉලක්කයක් තියෙනවා. දෙසැම්බර් මාසයේදී එය සපුරාලීමට අපි දැඩි උත්සාහයක් දරනවා.” යනුවෙන් ද පැවසීය.

අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මුල්‍ය ඇපකරයක් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මෙරට රජය විසින් සාකච්ඡා නිල වශයෙන් ආරම්භ කළේ පසුගිය සැප්තැම්බරයේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්