චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට ශ‍්‍රී ලංකා රජය වෙත අනුමැතිය හිමිව තිබේ.
ඒ මධ්‍යම අධිවේගී මාර්ගය තැනීම සදහායි.
ශ‍්‍රී ලංකාව මෙම ණය මුදල ලබාගැනීමට කටයුතු කර ඇත්තේ මේ වසරේදී විදේශ ණය වෙනුවෙන් ඩොලර් බිලියන 5.9ක් ගෙවීමට තිබියදීයි.
මෙරටට වැඩිම විදේශ ණය මුදලක් හිමිව ඇත්තේ චීනයෙනි.
මහාද්වීප යා කෙරෙන වෙළෙ
ද මාර්ගයේ ප‍්‍රධානතම මධ්‍යස්ථානයක් බවට ශ‍්‍රී ලංකාව පත්කිරීමට හා මෙරට යටිතල පහසුකම් ගොඩැංවීම උදෙසා මෙලෙස චීනය දිගින් දිගටම ණය ලබාදෙමින් සිටියි.
වත්මන් රජය බලයට පැමිණීමේදී හා බලයට පත්වූ මුල් කාලයේදී පෙර පැවති පාලනය දෝෂ දර්ෂනයට ලක්කිරීමට එක් හේතුවක් වූයේ ද චීනයෙන් ලබාගත් ණය ගොන්න ය.
එහෙත් උග‍්‍ර වී ඇති ආර්ථිකමය ආතතියෙන් තරමක හෝ සහනයක් ලබාගැනීම ස`දහා අවසානයේ දී වත්මන් රජය ද චීනයේ ආධාර පැතීමට කටයුතු කර තිබේ.