නවතම පුවත්

ණය පොලී අනුපාතය පහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 12.79% ක් දක්වා පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ පූර්ව සතියේ දී එම අනුපාතිකය 13.03% ක් ලෙසින් පැවති බවයි. මීට වසරකට පෙර මෙම අනුපාතිකය 28.51% ක් තරම් ඉහළ අගයයක් විය.

මේ අනුව බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයන් 13% මට්ටමෙන් මෙපිටට පැමිණ ඇති බව අදාල වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

එහිදී මහජන බැංකුව – 12.59%, කොමර්ෂල් බැංකුව – 12.95%, යූනියන් බැංකුව – 12.77% හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව – 12.90% ලෙසින් 13% සීමාවට මෙපිටින් බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයන් පවත්වාගෙන ගිය දේශීය වානිජ බැංකු ලෙසින් දක්වා ඇත.

මේ අතර මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර වානිජ බැංකුවක් වන HSBC බැංකුවේ මෙම අනුපාතිකය 11.41% ක් තරම් පහළ අගයක් විය. මීට අමතරව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව – 12.95%, සිටි බැංකුව – 12.75%, ඉන්දීය රාජ්‍ය බැංකුව – 12.14% හා පබ්ලික් බැංකුව 12.55% ක් ලෙසින් පහළ බරිත සාමාන්‍ය පුමුඛ ණය අනුපාතිකයන් පවත්වාගෙන ගිය සෙසු විදේශීය බැංකු වේ.

https://disqus.com/embed/comments/?base=default&f=adabiz&t_i=88817%20http%3A%2F%2Fbiz.adaderana.lk%2F%3Fp%3D88817&t_u=http%3A%2F%2Fbiz.adaderana.lk%2F%25e0%25b6%25ab%25e0%25b6%25ba-%25e0%25b6%25b4%25e0%25b7%259c%25e0%25b6%25bd%25e0%25b7%2593-13%25e0%25b6%25b1%25e0%25b7%258a-%25e0%25b6%25b4%25e0%25b7%2584%25e0%25b7%2585%25e0%25b6%25a7%2F&t_e=%E0%B6%AB%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%2013%25%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7&t_d=%E0%B6%AB%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%2013%25%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7%20-%20Adaderana%20Biz%20Sinhala%20%7C%20Sri%20Lanka%20Business%20News&t_t=%E0%B6%AB%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%2013%25%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7&s_o=default#version=46355a98bc48ecd1c0c19b65d17b59ed
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්