නවතම පුවත්

ණය වෙනුවෙට ආයෝජනවලට ලංකාවේ දොර විවෘතයි- ජනපති නව චීන තානාපතිට කියයි

අසංක

අසංක

ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේ දී තවදුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ශණය කර ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නව චීන තානාපති ක්වි සෙන්හොං මහතා (Qi Zhenhong) හමුවේ ප්‍රකාශ කර ඇත.

සෙන්හොං මහතා වෙත අදාළ අක්තපත්‍ර භාරදෙන අවස්ථාවේ ජනපතිවරයා මේ බව පවසා ඇත.

“අපේ රටේ පුළුල් ආයෝජන ඉඩ ප්‍රස්ථා තිබෙනවා. කෘෂි කාර්මික ක්ෂේත්‍රය, සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය ඒ අතර විශේෂයි. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 30%ක පමණ දෙනාගේ ජීවනෝපාය පදනම්ව ඇත්තේ ග්‍රාමීය කෘෂිකර්මය මත. ගත වූ දශක දෙක තුන ඇතුළත චීනය අත්කරගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් ශ්‍රී ලංකාවේ ඇති කොට ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මගේ ප්‍රධාන ඉලක්කයක්. ඒ සඳහා අපට සහය වන්න” ජනාධිපති රාජපක්ෂ මහතා නව චීන තානාපතිවරයාට පවසා ඇත .

ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගු කලක් තිස්සේ වර්ධනය වෙමින් පවතින අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ස්ථීර සාර සහයෝගීතාව සහ මිත්‍රත්වය ගැන ජනාධිපතිවරයා මෙහිදී සතුට පළ කර සිටියා.

චීන ජනාධිපති ෂි ජින් පිං ගේ සුභාශිංසන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පුද කළ තානාපතිවරයා දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය තවත් වර්ධනය කර ගනිමින් සංවර්ධන සහ උපායමාර්ගික සහෝගීතාව ශක්තිමත් කිරීම සිය අරමුණ බව මෙහිදී කීයා සිටියේය .

“ඔබතුමා ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත් කළා. ජනතාවගේ ජීවන මට්ටම වැඩිදියුණු කරමින් ආර්ථික වර්ධනයේ මාවතට රට යොමු කළා. කොවිඩ් 19 උවදුර පැමිණි විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ ජනතාව එක්ව ඊට මුහුණ දුන් සැටි අප දුටුවා” නව තානාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් දේශයක් ලෙස නැගී සිටිනු දැකීම චීනයේ අභිලාෂය බව ද ඔහු සඳහන් කර සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්