, ණය ශ්‍රේණිගත කිරීම් පිළිබඳ අන්තර්ජාතික ආයතනයක් වන ෆිච් රේටින් ආයතනයේ නවතම ණය ශ්‍රේණිගත කිීරීම් අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පහත වැටී ඇත .
ඒ අනුව ණය ශ්‍රේණිගත කිරීම්වල “සී සී” තත්ත්වය දක්වා ශ්‍රී ලංකාව පහත වැටී ඇත
මීට පෙර ශ්‍රී ලංකාව ෆිච් රේටින් ශ්‍රේණිගත කිරීම් අනවු සී සී සී තත්ත්වයේ රැදී සිටි අතැර ශ්‍රී ලංකාවේ විදේශ විණිමය සංචිත සිය අවසන් සමාලෝචනයේදී බලාපොරොත්තු වූවාට වඩා පහත වැටී ඇති බව ෆච් රේටින් ආයතනය පවසයි .
2020 වසර අවසානයේ අමෙරිකානු ඩොලර් බිලියන 04ක පමණ විදේශ සංචිත ශ්‍රී ලංකාව සතුව පැවති අතර එය ඉකුත් අගෝස්තු මාසය වන විට අමෙරිකානු ඩොලර් බිලයන 02ක් දක්වා පහත වටී ඇත
ඉකුත් නොවැම්බර් මාසයේ අගභාගය වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 1 දශම 6ක් දක්වා අඩු වී ඇති බවද ෆිච් රේටින් ආයතනය පවසයි ලබන ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර දෙකක් සහ එළඹෙණ ජුලී මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර දෙකක් ශ්‍රී ලංකාව විසින් ගෙවා දැමිය යුතු වේ..
සමස්ථයක් ලෙස 2022 වසරේදී ඇමෙරිකාන් ඩොලර් බිලියන 6 දශම 9ක විදේශීය ණය සහ පොලිය ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුව ඇති බැවත් එය සපුරා ලීම දුශ්කර වනු ඇති බවත් ෆිච් රේටින් ආයතනය වැඩිදුරටත් පෙන්වා දී ඇත .