ණය සීමාව ඉහළ දමාගන්නා යෝජනාව ආණ්ඩුව ඉල්ලා අස්කර ගනී

Picture of අසංක

අසංක

පසුගිය වසරේ ඉදිරිපත් කෙරුණු අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් එක් කරමින් රජයේ ණය සීමාව ඉහළ නංවා ගැනීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර තිබුණු යෝජනාව අද ඉල්ලා අස්කර ගනු ලැබීය.

මෙම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටීමට සූදානම් වන බව දැනගන්නට ලැබීම නිසා මෙසේ එය ඉල්ලා අස්කර ගන්නා බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.

එසේම අද දින පාර්ලිමේන්තුව ලබන මස 3 වැනි දා දක්වා කල් තැබුණි.