නවතම පුවත්

සිංගප්පූරු-කොළඹ ප්‍රථම අඩු වියදම් ගුවන්සේවාව ‘ජෙට්ස්ටාර්’

අසංක

අසංක

සිංගප්පූරුව සහ කොළඹ අතර සෘජුව ක්‍රියාත්මක වන ප්‍රථම අඩු වියදම් ගුවන් සේවය ලෙස ජෙට්ස්ටාර් ඒෂියා ගුවන් සේවය ලබන ජුලි මස සිට තම ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මේ අනුව සිංගප්පූරුවේ සිට ගමන් අරඹන ජෙට්ස්ටාර් ඒෂියා හි 25 වන ගමනාන්තයට බවට කොළඹ පත්වේ.

එසේම සිංගප්පූරුව සහ කොළඹ අතර සෘජුව ක්‍රියාත්මක වන එකම අඩු වියදම් ගුවන් සේවය (low-cost carrier – LLC) බවට ද ජෙට්ස්ටාර් ඒෂියා හැඳින්විය හැකිය.

Jetstar Asia වෙබ් අඩවිය හරහා සිංගප්පූරුව හා කොළඹ අතර ආසන වෙන් කිරීමේ පහසුකම මේ වන විට ආරම්භ වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෙට්ස්ටාර් ඒෂියා හි ප්‍රධාන විධායක නිලධාරී බාරා පසුපති පැවසුවේ, සංචාරකයින් විසින් සිය නිවාඩු ගත කිරීමේ ගමනාන්තයක් ලෙසින් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් තෝරා ගන්නා බවයි.

“අපගේ ගනුදෙනුකරුවන් සඳහා ආකර්ෂණීය නව ගමනාන්තයන් අඛණ්ඩව විවෘත කිරීමට ජෙට්ස්ටාර් ඒෂියා කැපවී සිටිනවා” යැයි පසුපති මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්