ශ්‍රී ලංකාව තුල පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් යලි සියලු පාසල් ඇතුළු අධ්‍යාපන ආයතනවලට නිවාඩු ලබා දෙමින් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය ගැන අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයකින් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
අධ්‍යාපනය ලබන සිසුන්ගේ, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය අවධානයෙන් පසුවන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරින් සම්බන්ධ කර ගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇත. ඒ අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදිය.
අමාත්‍යංශය නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.