නවතම පුවත්

තනි සිගරට්ටු අලෙවිය තහනම් කිරීමෙන් දුම්බීම අඩුවේ

අසංක

අසංක

තනි සිගරට්ටු අලෙවිය තහනම් කිරීම හරහා මෙරට තුල දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු කිරීමේ හැකියාවක් පවතින බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකොන් මහතා ප්‍රකාශ කර සිටී.

දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය විසින් මෙහෙයවනු ලබන http://tobaccounmasked.lk වෙබ් අඩවිය ආරම්භ කර වසර තුනක් පිරීම නිමිත්තෙන් බොරැල්ල වෛද්‍ය පීඨ ශ්‍රවනාගාරයේ පැවති විශේෂ උත්සවයකදී අබේකෝන් මහතා මේ බව පැවසීය .

http://tobaccounmasked.lk වෙබ් අඩවිය , දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ ගවේශනාත්මක තොරතුරු ඇතුළත් පර්යන්තය වන අතර , . ශ්‍රී ලංකාවට අදාළ දුම්කොළ සමාගම් හා ඔවුන්ගේ සේවකයින් පිළිබඳ සාක්ෂි පදනම් කර ගත් සවිස්තරාත්මක තොරතුරු එහි ඇතුළත් වේ.

දුම්කොළ කර්මාන්තයේ හවුල්කාර පාර්ශවයන් එනම්, දුම්කොළ සමාගම් සහ එහි නිලධාරීන්, දුම්කොළ කර්මාන්ත සමග සම්බන්ධතා ඇති ආයතන හා පුද්ගලයන්ගේ තොරතුරු ද මෙම වෙබ් අඩවියෙහි අන්තර්ගතවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙසේද පැවසීය.

මෙරට දුම්පානය කරන බොහෝ දෙනෙකු එකවර , සිගරට් පැකට්ටුවක් මිලදී ගැනීමට පෙළඹෙන්නේ නැහැ . ඔවුන් වැඩි දෙනෙකු තනි සිගරට්ටුව බැගින් මිලදී ගැනීමයි සිදුකරන්නේ .තනි සිගරට්ටු අලෙවිය තහනම් කල විට එම බොහෝ දෙනෙකු වැඩි මිලක් ගෙවා සිගරට් පැකට්ටු මිලදී ගැනීමට පියවර නොගනිනු ඇති බව පැහැදිලියි.

මෙහිදී අදහස් දැක්වූ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහේෂ් රාජසූරිය මහතා මෙසේ පැවසීය.

අඩු අදායම් ලාභීන්. නව යොවුන් පිරිස් මෙන්ම දුම්පානයට ආධුනික නවක පිරිස්ද බොහෝ විට මිලදී ගනු ලබන්නේ තනි සිගරට්ටුවයි. මෙහිදී ඔවුන්ට සිගරට් පැකට්ටුවල ඇති රූපමය අවවාද දර්ශනය වන්නේ නැහැ.

”සිගරට් පැකට්ටුවල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීමේ අරමුණ වන්නේ , එය දකින දුම්බොන්නන් , දුම්පානය කෙරෙහි අධයිර්යමත් කිරීමයි , නමුත් බොහෝ තරුණ පිරිස් , අඩු අදායම් ලාභීන් වගේම දුම්පානයට නවකයින් පවා මිලදී ගන්නේ තනි සිගරට්ටුවයි. එවිට ඔවුන්ට කිසිවිටක පැකට්ටුවේ ඇති රූපමය අවවාද දර්ශනය වන්නේ නැහැ, මෙය බරපතල ගැටළුවක්. පැකට්ටුවේ රූපමය අවවාද යොදා බලාපොරොත්තුවන කිසිදු ප්‍රතිඵලයක් මේ හරහා සාර්ථක වන්නේ නැහැ, මේ අනුව තනි සිගරට්ටු අලෙවිය තහනම් කිරීම පිලිබඳ රජය යලි අවධානය යොමු කරලිය යුතුයයි “

එසේම තනි සිගරට්ටු අලෙවිය තහනම් කරන තෙක්, තාවකාලික පියවරක් ලෙස තනි සිගරට්ටු අලෙවි කිරීමේදීද එය රූපමය අවවාද සහිත සිගරට් පැකට්ටුවක බහා අලෙවි කරන ලෙස වෙළඳුන්ට දැනුම් දීම යෝග්‍ය බවද රාජසූරිය මහතා සඳහන් කළේය.

”දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ ‘ටොබැකෝ අන්මාස්කඩ්’ හි සංස්කාරක වෛද්‍ය මනුජා පෙරේරා. මෙහිදී වෙබ් අඩවියේ වත්මන් සාර්ථකත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය කොළඹ වෛද්‍යපීටයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්