‘තනතුරු නැතිවුණත් ගෝඨාට සහය දෙනවා’- ඉසුර දේවප්‍රිය

Picture of අසංක

අසංක

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ ද තමන් ඉදිරියටත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන බව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අවධාරණය කර සිටී.

ශ්‍රීලනිපයේ දරන ලද තනතුරු කිහිපයකින්ම තමාව ඉවත්කර ඇති බවත් පක්ෂ කාර්යාලයෙන්ද ඒ බව තමාට දැනුම් දුන් බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ අතර මහරගම ප්‍රධාන සංවිධායක ලෙසද කටයුතු කළේ ය.