දෙවැනි හඬපටය ව්‍යාජව සකසන ලද්දක් – හිරුනිකා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තමාගේ යැයි පැවැසෙන හඬ පට දෙකක් සම්බන්ධයෙන් ෆේස්බුක් නිල පිටුව ඔස්සේ අදහස් දක්වමින් ඇය සදහන් කරන්නේ දෙවැනි හඬපටය විකෘති කළ හඬපටයක් බවත් තමාගේ කීර්තිනාමය විනාශ කරන්න සිදුකල ක්‍රියාවක් බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදඅදහස් දැක්වූ ඇය

“මේ වන විට මගේ යැයි කියන හඬපට දෙකක් එළියට ඇවිත් තිබෙනවා. පළමු හඬපටයේ කථා විලාශයත් දෙවැනි හඬ පටයේ කථා විලාශයත් බලන්න. මේ දෙවන හඩ පටයේ විකෘති කරපු හඩ සංස්කරණය කරපු, කථාව සංස්කරණය කරපු  හඩ පටයක් තමයි මේ දෙවැනි හඩපටය. අද රටේ ප්‍රධානම ප්‍රශ්න යටපත් කරන්න මේ හඬපට භාවිත කරනවා.

මම අභියෝග කරනවා පුළුවන්නම් ඇත්ත හඩ පට ප්‍රසිද්ධ කරන්න”

https://www.facebook.com/257481894324022/posts/3384151328323714/