නවතම පුවත්

සෙම් රෝග ගැන දැනගෙන දරුවන් ආරක්ෂා කරගමු

Baby
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද සමාජයේ කුඩා දරුවන්ට ඇතිවන කරදරකාරීම රෝග තත්ත්වයක් ලෙස සෙම රෝග හැඳීන්විය හැකියි. බොහෝ දරුවන්ට ඖෂධ ගැනීමේ දී මෙය පාලනය වන තත්ත්වයක් වුවත්, ඉන් පසු නිතර නිතර මතුවන රෝගයක් බවට පත්ව තිබේ. ආයුර්වේදයේ සඳහන් පරිදි බාල කාලය වා, පිත්, සෙම් තුනෙන් සෙම ප්‍රධානව ක්‍රියාත්මක වන කාලයයි. ප්‍රධාන වශයෙන් දරුවන්ගේ සෙම් රෝගවලට, ඔවුන්ගේ ශ්වසන පථය හෙවත් ශ්වසන මාර්ගය ගොදුරු වේ. මෙය නාසයෙන් පටන් ගෙන නාසා ග්‍රසනිකාව ඔස්සේ ශ්වාසනාලය හාරහා පෙනහලු දක්වා ඇති මාර්ගයයි. මේ ආශි‍්‍රතව හට ගන්නා, අපට නිතර දක්නට ලැබෙන සෙම් රෝග කීපයකි.

ප්‍රතිශ්‍යාව, පීනස, හතිය

කැස්ස යනු අපට නිතර දක්නට ලැබෙන සෙම් රෝග වේ. ශ්වසන පථය තුළ ඇතිවන සෙම් රෝග බොහෝ තිබුණද, ළමා කාලයේ හටගන්නා ප්‍රධාන රෝග ලෙස මේවා හඳුනා ගත හැකිය.

සෙම් රෝග ඇතිවීමට හේතු බාලක සෙම් රෝගවලට හේතු ලෙස ප්‍රධාන වශයෙන් ආයුර්වේදයේ දැක්වෙන්නේ ශරීරයේ සෙම වැඩිකරන, සෙම කෝප කරන හේතූන්ය. සෙම කෝප කරන ආහාර පාන හා විහරණ හෙවත් හැසිරීම් මීට අයත් වේ.

සෙම් රෝග ඇති කරන ආහාර පාන

සීතල ආහාර පාන අධිකව ගැනීම මේ මගින් ඇතිවන ශීතල ගුණය නිසා දරුවන්ගේ සෙම වැඩි වී සෙම් රෝග හට ගනී. උදාහරණ ලෙස අයිස්ක්‍රීම්, ශීතකළ බීම වාර්ග, ශීතකළ කිරි ආහාර මීට අයත් වේ. කුකුල් මස් හා බිත්තර නිසා ද සෙම වැඩිවන බව බොහෝ රෝගීන්ගේ විස්තර විමසීමේ දී හඳුනාගත හැකිය.

පැණිරස ආහාර අධිකව ගැනීම ආයුර්වේදයට අනුව පැණිරස හෙවත් මධුර රස ආහාර සෙම වර්ධනය කරයි ශරීරයේ තරබාරුවද ඇති කරයි. එම නිසා සෙම් රෝගවලට ගොදුරුවීමේ ප්‍රමාණවත් වැඩි වේ.තෙල් ආහාර අධිකව ගැනීම මේ මගින්ද ශරීරයේ සෙම හා ස්ථුල බව වර්ධනය වී, සෙම රෝගය ඇතිවීමට අවදානමක් ඇති කරයි.

අසාත්මික ආහාර

බොහෝ දරුවන්ට කිරි, බිත්තර, මස්, අන්නාසි, ඉස්සන්, අයිස්ක්‍රීම්, මීකිරි ආදි ආහාර මඟින් අසාත්මිකතා ඇති කරයි. මෙහි දී පීනස, හතිය වැනි රෝග සමඟින් අසාත්මික ලක්ෂණ පෙන්නුම් කෙරේ.

රාත්‍රි නින්දේ දී විදුලි පංකා ක්‍රියාත්මක කිරීම, මෙමඟින් කාමර තුළ ඇති සියුම් දුහුවිලි සුළඟ නිසා ඇවිස්සී, අපගේ නාසය ඔස්සේ ශරීර ගත වේ.

මෙමඟින් සෙම රෝගයක් වන පීනස් රෝගය ඇතිවීමට මූලික අවස්ථාව උදා වෙයි. මෙහි දී කාමරවල ජනේල් හැර රාත්‍රියට පින්න සහිත සුළඟ කාමර තුළට ඒමට සැලැස්වීම මගින් ද සෙම රෝග ඇති කරයි. පාරිසරික සාධක ද ළමයින් සෙම් රෝගවලට ගොදුරු වීමට හේතු වී ඇත. පරිසරය දූෂණය කරමින්, වාහන හා කර්මාන්තශාලාවලින් පිටවන දුම්, වියළි පරිසරවල ඇතිවන දුහුවිලි මෙහි දී මුල් තැන ගනී. විවිධ සතුන්ගේ ලොම්, සමහර ශාකවල පරාග, ඇඳුම්වල පවතින දුහුවිලි වැනි සියුම් කොටස්වලට අසාත්මික ප්‍රතික්‍රියා දක්වන ළමයින්ට මේවා මඟින් පහසුවෙන් පීනස, කැස්ස, හතිය වැනි සෙම් රෝග ඇති කරයි.

සෙම් රෝගවල ලක්ෂණ

ළමයින් අතර බෙහෙවින් දක්නට ලැබෙන සෙම් රෝග කීපයක ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය.

ප්‍රතිශ්‍යාව

කුඩා ළමයින්ට නිතර දක්නට ලැබෙන කරදර කාරී අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි ය. නාසය හිරවීම, කටින් හුස්ම ගැනීම නාසයෙන් සෙම වැගිරීම, මඳ උණ, හිසරදය, කිවිසුම් යාම වැනි ලක්ෂණ මූලිකව ඇති වේ. පසුව කැස්ස ද මේ සමඟම ඇතිවිය හැකි ය.

දරුවන්ගේ ප්‍රතිශ්‍යාවට ද ප්‍රතිකාර කළත් නැවත නැවත ඇතිවන තත්ත්වයක් බවට පත්ව ඇත. මෙය දරුවාගේ ප්‍රතිශක්තිකරණ දුර්වලතා නිසා සිදුවිය හැකිය. ආයුර්වේද ප්‍රතිකාර යෙදීමේ දී ප්‍රතිශක්තියද වර්ධනය වන බැවින්, ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ තත්ත්වය මඟහැරී යයි.

පීනස

බොහෝ විට කල්ගත වූ ප්‍රතිශ්‍යා තත්ත්වයන් නිසා ඇති වේ කිවිසුම්යාම, සොටු දියර ගැලීම, දුම් දූවිලි ඇල්වතුර, ශීතල ආහාර පාන ආදියෙන් රෝගය උත්සන්න වීම දක්නට ලැබෙන ලක්ෂණයි. මෙහි දී අසාත්මිකතා ප්‍රමුඛව ඇතිවන නිසා, ආයුර්වේදයේ දැක්වෙන ප්‍රතිකාර උපදේශ දීර්ඝ කාලීනව කිරීමෙන් හා පිළිපැදීමෙන් රෝගය සමනය වේ.

කැස්ස

කුඩා දරුවන් නිතර ගොදුරු වන රෝග තත්ත්වයක් වන මෙහි දී උගුර කැසීම, උගුරේ සෙම බැඳීම, හා කැස්ස ඇති වේ. බොහෝ විට ප්‍රතිශ්‍යා රෝග අවස්ථාවකට පසුව ඇතිවේ. වියළි කැස්ස හෝ සෙම කැඩී යන බුරුල් කැස්ස ආදී ආකාර දෙකෙන්ම කැස්ස ඇති වේ.

හතිය

ශ්වාසය ලෙස ආයුර්වේදයේ හැඳින්වෙන මෙහි දී ශ්වසනය වේගවත් වන බැවින් එය හතිය ලෙස හැඳින් වේ. ශ්වසනය වේගවත් වීම ශ්වසනය දීර්ඝ වීම, ශ්වසන අපහසුව, හුස්ම ගැනීමේ දී පපුවේ ශබ්දය ඇතිවීම, මූලික ලක්ෂණ වේ. බොහෝ විට ප්‍රතිශ්‍යාව හා කාසය නොසලකා හැරීමෙන් මෙය ඇතිවිය හැකියි. විවිධ ද්‍රව්‍යවලට (දුම්, දුහුවිලි වැනි) දක්වන අසාත්මික ලක්ෂණයක් ලෙසද ඇති වේ.

සෙම් රෝගවලට ප්‍රතිකාර

සෙම් රෝගවලට ක්‍රමවත් ප්‍රතිකාරයක් නොකෙරේ නම්, පීනස, ඇදුම වැනි කල් පවතින රෝග ඇති වේ. පළමුව රෝගය ඇතිවීම වළක්වා ගැනීම සඳහා, සෙම ඇතිවන ආහාර පාන. සෙම ඇතිවන විහරණ හෙවත් පුරුදු, බෝවන සෙම් රෝග සහිත ස්ථානවලට යාම ආදියෙන් වැළැකිය යුතුය. වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා තුරු, රෝග මැඩ පැවැත්වීමට පහත ප්‍රතිකාරවලට යොමු විය හැකිය.

උණුසුම් වතුර නිතර නිතර පානය, උණුසුම් ආහාර ගැනීම, උණුවතුර වාෂ්ප ඇල්ලීම, සෙමට හිතකර ඖෂධීය තැම්බුම් පානය කිරීම, උදාහරණ ලෙස කොත්තමල්ලි කබලේ බැද තම්බා ගත් වතුර,

කොත්තමල්ලි හා වියළි ඉඟුරු තැම්බූ වතුර, ඖෂධීය වාෂ්ප දුම් ඇල්ලීම,

උදාහරණයක් ලෙස නික කොළ, පාවට්ටා කොළ, බෙලි කොළ, දෙහි කොළ, මදුරුතලා කොළ එකක් හෝ කිහිපයක් තම්බා දුම් ඇල්ලීම, සහ ඉහත දැක්වෙන ප්‍රතිකාර සියලු සෙම් රෝගවලට ගුණදායි වේ.

කැස්ස හා ශ්වාස අවස්ථාවලදී

අමු ඉඟුරු ඉස්ම, ඇඹුල් දොඩම් ඉස්ම, මී පැණි සමව ගෙන අනා ටික ටික දිව ගෑම කළ හැකිය. නික කොළ පාවට්ටා කොළ සුදු ලූණු සමව ගෙන කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා බෙල්ල හා පිට තැවීම ද මෙහි දී ගුණදායක වේ. බටු කෝලශ්ලේෂ්මා යන තෛල වර්ග බෙල්ලේ හා පිට පෙදෙසේ හා පපු පෙදෙසේ ආලේප කිරීම ද ගුණදායි වේ. පීනස හා ප්‍රතිශ්‍යා තත්ත්වයන් හිදී ඉහත දැක්වූ සියලුම වර්ගවල ඖෂධීය වාෂ්ප ඇල්ලීම ගුණදායක වේ. සියඹලාකොළ, රතුලූණු, හීං උඳුපියලිය, අමුකහ, සමව ගෙන කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා මුහුණ තැවීමෙන් රෝග ලක්ෂණ අඩුකරගත හැකිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්