තමිල්නාඩුවේ ඉන්න ලාංකිකයන් යළි එවිය යුතු බව එරට දේශපාලකකුගෙන් ප්‍රකාශයක්

Picture of අසංක

අසංක

තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ ගැටලුවට ඇති හොඳම විසඳුම වනුයේ ඔවුන් නැවත සිය මව්බිමට පිටත්ව යාම බව ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂ ප්‍රධානියෙකු වන එල්. ගනේෂන් මහතා අවධාරණය කර සිටී.

පුරවැසි පනත හරහා ඉන්දියානුවන්ට සෙත සැලසෙන බවත් , එය සියලු පාර්ශව තේරුම් ගත යුතු බවත් තමිල්නාඩුවේ පවතී මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර ඇත.

භාරතීය ජනතා පක්ෂය රහසිගතව කිසිවක් නොකළ බවත්මේ සම්බන්ධයෙන් සැඟවුණු න්‍යාය පත්‍රයක් නොමැති බවත් ඔහු පවසා ඇත.

ශ්‍රී ලාංකිකයින් සම්භන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සඳහන් කර ඇත.

“ශ්‍රී ලංකා දෙමළ ජනතාවට පුරවැසිභාවය ලබා දීමට මම විරුද්ධ නැහැ. නමුත්, ඔවුන්ට එය අවශ්‍ය නැත. ඔවුන්ට ආපසු යාමට අවශ්‍යයි. ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ඡන්දය වඩා වැදගත් බැවින් එය හොඳම විසඳුම වනු ඇත. කෙසේ වෙතත්, ඔවුන්ට ආපසු යාමට බල නොකරන බව ඔහු පැවසීය. එහෙත් පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයේ සුළු ජාතීන්ගේ තත්වය මෙය නොවේ.