අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිලධාරීන්ගේ සන්ධානය හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සන්ධානය පවසයි.
මෙම වර්ජනය ආරම්භ වන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඊයේ සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වී ක්‍රියාත්මක වන පසුබිමකයි.
දුම්රිය සේවකයින්ගේ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා අමාත්‍ය කමිටුවක් ද පත්කර ඇත.
මේ අතර අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බස් වර්ජනය සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කරන බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහෙත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු බස් වෘත්තීය සමිති කිහිපයක් ඊට එක් නොවන බව වාර්තා වේ.
මේ අතර හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16 ක් ද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරමින් පවතී.