නවතම පුවත්

නව ඩිජිටල්කරණය සමග සෙලාන් බැංකුව අලුත් ගමනක

අසංක

අසංක

කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක්වන VMware, Inc. (NYSE: VMW) සමාගම සිය VMware vSAN Hyperconverged Infrastructure (HCI) සහ VMware vRealize Operations Manager යටිතල පහසුකම් භාවිතයට ගන්නා මෙරට ප්‍රථම ආයතනය බවට සෙලාන් බැංකුව පත්වූ බව පසුගියදා නිවේදනය කළේය.

VMware සමාගමේ නම්‍යශීලි සහ වඩාත් ආරක්‍ෂිත තාක්ෂණික විසඳුම් හරහා සෙලාන් බැංකුවේ කටයුතු කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර ගැනීමට හැකිවන බව ද එම බැංකුව සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) සහ පාරිභෝගිකයන් සඳහා ලබාදෙන සේවා තවත් පුළුල් කිරීමේ අවස්ථාව උදාවන බව ද එම සමාගම පවසයි.

VMware සමාගමේ vSAN HCI යටිතල පහසුකම් හරහා ශීඝ්‍රයෙන් වර්ධනයවන ජංගම සහ අන්තර්ජාල බැංකුකරණ පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාවට වඩාත් කඩිනම් සබඳතාවක් හරහා සේවය ලබාදීමට හැකිවන බව සෙලාන් බැංකුව සඳහන් කළේය.

2012 වසරේ සිට 2017 දක්වා වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතය 8% සිට 21% දක්වා දැවැන්ත වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර ඉදිරි වසර පහ තුළ එම ප්‍රතිශතය තවදුරටත් වර්ධනය වනු ඇත.

කීර්තිමත් පද්ධති ඒකාබද්ධකරණ සහ ආයතනික මට්ටමේ හවුල්කරුවෙකු වන Softlogic Information Technologies සමාගමේ සහයෝගයෙන් යුතුව සෙලාන් බැංකුව vSAN VMware සමාගමේ HCI සහ vRealize Operations Manager විසඳුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.

පොදු මෙහෙයුම් පරිසරයක යෙදවුම් ක්‍රියාවේ යෙදවීමටත්, එම යෙදවුම් සම්බන්ධ කිරීමත්, ආරක්ෂාව සහතික කිරීමත් මෙම විසඳුම් ස්ථාපනය කිරීමේ මූලික අරමුණු විය.

මින්පෙර දෘඩාංග මත පදනම්වූ මෘදුකාංග හරහා පද්ධති ක්‍රියාත්මක වූ අතර මුළුමනින් ම මෘදුකාංග මත ම පදනම් වූ යටිතල පහසුකම හරහා පද්ධති බිඳවැටීම්වලින් තොරව යෙදවුම් වල සුලබතාව 90%කින් වර්ධනය කර ගැනීමට හැකිවේ.

තවද තාත්වික යන්ත්‍රෝපකරණ ප්‍රතිපාදන භාවිත කෙරෙන බැවින් පරිගණක සහ සිසිල්කරණය සඳහා වැය කෙරුණු බලශක්ති පිරිවැය කැපීපෙනෙන ලෙස අඩුකර ගැනීමට ද හැකිවේ.

තව ද, මින් පෙර පැවති පද්ධතියට වඩා අවම වශයෙන් පස් ගුණයක උසස් පද්ධති කාර්යසාධනයක් අත්කර ගැනීමට ද සර්වර් දෘශ්‍යකරණය හරහා භෞතික ඉඩකඩ භාවිතය අවම කර ගැනීමට ද බැංකුවට හැකිවී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්