තරගෙට ගිය බස් ගුවන් පාලමේ දී හමුදා කැබ් රිය කුඩු කරයි – සෙබළෙක් මරුට

Picture of අසංක

අසංක

තරගයට ධාවනය කරමින් තිබූ  මගී බස් රථ දෙකක් නුගේගොඩ ගුවන් පාලම මතදී  ඉස්සර කිරීමට යාමේදී බසයක් යුද හමුදා කැබ් රථයක ගැටී තිබේ.

අනතුරින් හමුදා සෙබලෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

මෙම අනතුරු අද (20) උදෑසන සිදුව ඇති අතර මියගොස් ඇත්තේ කැබ් රථ රියදුරුය.

ගුවන් පාලම මතදී එක් බස් රථයක් අනෙත් බස් රථය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.

නුගේගොඩ ගුවන් පාලම මත වාහන ධාවනය කිරීමට ඉඩ වෙන්වී ඇත්තේ එක් දිසාවකට එක් වාහනයකි.

බස් රථය අධික වේගයෙන් ධාවනය කරමින් තිබීම හේතුවෙන් එහි ගැටුණු කැබ් රථයට දැඩිව හානි සිදුව තිබෙන බව පොලීසිය සදහන් කරයි.

කැබ් රථයේ සිටි තුවාල ලැබූවන් දෙදෙනා කොළඹ දකුණ මහ රෝහලට ඇතුලත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් මගී බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.