( දම්පත් රණසිංහ )
නව කැබිනට් අමාත්‍යවරු 08 දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.
මෙම අමාත්‍යවරුන් අතර මෙයට පෙර සෞඛ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රමේෂ් පතිරණ මහතාත් සිටිති.
ඩග්ලස් දේවානන්ද මහතා ධීවර අමාත්‍යවරයා ලෙසත් ,බන්දුල ගුණවර්ධණ මහතා ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙසත් , මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙසත්, රමේෂ් පතිරණ මහතා කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, විදුර වික්‍රමනායක මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත් , අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් , රොෂාන් රණසිංහ මහතා වාරිමාරිග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙසත් ඒ අනුව අද දිවුරුම් දුන්නේය.