තවත් ඇමෙරිකානු නියෝජිතවරියක පැමිණේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු නියෝජිත සින්ඩි මැකේන් අද දිවයිනට පැමිණියා. ඒ, සිව්දින නිල සංචාරයක් සදහායි.

දෝහා සිට පැමිණි ගුවන් යානයකින් ඇය කටුනායක ගුවන් තොටුපළ වෙත ලගා වූ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. සින්ඩි මැකේන් සමග එම සංවිධානයේ උසස් නිලධාරීවරයෙකු ද මෙරටට පැමිණ ඇති බව ද නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළා.

ඔවුන් පිළිගැනීම සඳහා මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබෙනවා. සින්ඩි මැකේන් සහ ඇය සමග පැමිණි උසස් නිලධාරියා ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.