පාකිස්තානු ජාතික ක්රිකට් සංචිතය නියෝජනය කරන තවත් සාමාජිකයන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.
මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ෂඩාබ් ඛාන්, හරිස් රාවුෆ් යන ජාතික සංචිතයේ ක්රීඩකයන් දෙදෙනාට සහ හයිඩර් අලි නමැති පළමු පෙළ ක්රීඩකයෙකුට බව වාර්තාවේ.
එංගලන්තයේ තරග සංචාරයක් සඳහා සහභාගිවීමට පකිස්තානු සංචිතය නම්කර ඇති අතර ෂඩාබ් ඛාන් සහ හරිස් රාවුෆ් එම සංචිතයද නියෝජනය කරයි.
එංගලන්තය බලා පිටත්ව යාමට සතියක් පමණ තිබියදී මෙසේ ක්රීඩකයන් වෛරස් ආසාදිතයන් බව තහවුරු කරගෙන ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් පකිස්තානු ක්රිකට් ආයතනය බරපතල අර්බුදයකට මුහුණ දී සිටි.
ඊට හේතු වී ඇත්තේ එංගලන්තය බලා පිටත්ව යන සංචිතය පසුගිය දිනවලදී පුහුණුවීම්වල නිරත වූ අතර පුහුණුවීම් සඳහා එක්ව සිටි ක්රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම නිරෝධායනය සඳහා යොමු කිරීමට සිදුව තිබීමයි.