තවත් කොරෝනා මර්දන එන්නත් 04 ක් ගෙන්වීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.
මෙසේ අවසරය ඉල්ලා තිබෙන්නේ රුසියාවේ නිෂ්පාදනය කරන ස්පුට්නික්, චීනයේ නිෂ්පදානය කරන සිනොෆාන්, ඉන්දියාවේ නිෂ්පාදනය කරන භාරත් බයෝටෙක් සහ එංගලන්තයේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් සඳහාය.
ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබුණු පසු අදාල එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය ඖෂධ සංස්ථාව පවසයි .
මීට අමතරව ඇමරිකාවේ නිෂ්පාදනය කරන ෆයිසර් එන්නත මිලදී ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවද රාජ්‍ය ඖෂධ සංස්ථාව සඳහන් කර සිටී
මේ වනවිට මෙරට තුළ භාවිතා කරන්නේ ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පමණි.