නවතම පුවත්

බටහිර පර්යන්තයට තවමත් ජපාන ආයෝජකයෙක් නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ දකුණු වරායේ බටහිර බහාලු පර්යන්තය ඉන්දීය අදානි සමාගම සහ වරාය අධිකාරිය සමග එක්ව සංවර්ධනය කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇත .

වසර 35ක කාලයක් සදහා සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු භාරදීමේ පදනම යටතේ මෙය සංවර්ධනය කෙරෙන බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කළේය

මේ සඳහා ආයෝජකයෙකු නම් කරන ලෙස ජපාන රජයටද දන්වා ඇති නමුත් මෙතෙක් එරටින් කිසිදු යෝහ්=යෝජනාවක් ඉදිරිපත්වී නොමතිබවද අමාත්‍යවරයා පැවසීය .

දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා පදනම් කර ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) සහ එම සමාගමේ දේශීය නියෝජිත වන John Keels Holding PLC (APSEZ Consortium) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සඳහා සංවර්ධනය කොට ක්‍රියාත්මක කර ආපසු භාර දීමේ පදනම යටතේ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්