නවතම පුවත්

තවත් “ඩෙල්ටා” ආසාධිත්යින් 19ක් මෙරටින් සොයාගැනේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය   ආසාදනයවූ තවත් 19 දෙනෙකු කොළඹ, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත අනාවරණය කළේය .

නාවික හමුදා සාමාජිකයන් කිහිප දෙනකුද ඒ පිරිසේ සිටින බවත්  ඔහු මෙහිදී  සඳහන් කළේය .

සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරටින් එකවර සොයා ගැනුණු වැඩිම  ඩෙල්ටා කොරෝනා වයිරස ආසාධිතයින්  ව සංඛ්‍යාව මෙය වෙ

මේ අනුව මෙරටින් මෙතෙක් හමුවී ඇති ඩෙල්ටා සැර කොරෝනා වයිරස ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 38කි.

මේ රෝගීන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් පැහැදිලිව හඳුනාගෙන අවශ්‍ය සෞඛ්‍යමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇතැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මෙම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් දහනව දෙනා හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්