ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව පත්වීම් කිහිපයක් පිරිනමා තිබේ.
ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත් කර ඇති අතර මුදල් අමාත්‍යාංශ හා මහභාණ්ඩාගාර ලේකම්වරයා ලෙස එස්.ආර්.ආටිගල්ල මහතා පත්කර ඇත.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ඕෂධ සෙනෙවිරත්න මහතා පත් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම් සිදු කර තිබේ.