තවත් 4ක් ජනපතිවරණය වෙනුවෙන් ඇප තියයි

Picture of අසංක

අසංක

ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්ෂාවෙන් අද වන විට තවත් අපේක්ෂකයින් 4 දෙනෙක් වෙනුවෙන් මැතිවරණ කොමිසමේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

පිළිගත් දේශපාලන පක්ෂවලින් 10 දෙනෙක්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 07 දෙනෙක් ස්වාධින අපේක්ෂකයන් ලෙසද ඉදිරිපත් වීමට ඇප මුදල් තැන්පත් කර ඇත.

ජාතික ජනබලවේගයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පෙරවරුවේදී ඇප මුදල් තැන්පත් කළේය. ස්වාධින අපේක්ෂකයින් තිදෙනෙක්ද ඊයේ ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිසම සදහන් කළේය. එම අපේක්ෂකයින් වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුරුද්ධ පොල්ගම්පිටිය, සමන් සිරි හේරත්, සරත් විජිත කුමාර කිර්ති රත්න යන මහත්වරුන්ය.