නවතම පුවත්

තවමත් මේ රටේ එක කොරෝනා රෝගියෙකුගෙන් තවත් දෙදෙනකුට බෝවෙන්නේ නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක් කොවිඩ් රෝගියෙකුගෙන් තවත් රෝගීන් දෙදෙනෙකු නිර්මාණය වීමට තරම් ව්‍යාප්තියක් තවමත් මෙරට තුළ  සිදුව නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටී .

ඒ අනුව  තවමත් වෛරසය පාලනය කළ නොහැකි මට්ටමේ අවදානමක්  රට තුල  මතුව නොමැති බවද  ඔහු මාධ්‍ය වෙත අද පැවසීය .

එක් රෝගියෙකුගෙන් තවත් රෝගීන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් බිහි වන්නේ නම් සීමිත දින ගණනක් තුළ රෝගීන් දෙගුණයක් බවට පත්විය හැකි බවද වෛද්‍යවරයා මෙහිදී පැවසීය .

ඕනෑම අවස්ථාවක මෙම තත්වය පාලනයෙන් තොර වීමේ අවදානමක් පවතින බවත් එවැනි තත්වයකට පත් නොවී සිටීමේ වගකීම සෞඛ්‍ය අංශවලට පමණක් නිවා රටේ සියලුම දෙන්නට පැවරෙන බවත්  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කර සිටියේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්