තහවුරු කරන තෙක් කොරෝනා ඖෂධ ගැන  විශ්වාසය එපා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොරෝනා වෛරස රෝගය මර්ධනය කිරීම  සඳහා වන දේශීය  ඖෂධ,  විද්‍යාත්මක පදනමක් මත තහවුරු කරගන්නා තුරු ඒවා පිළිබඳ අනවශ්‍ය විශ්වාසයක් තබා කටයුතු නොකල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවා සිටී .
එම ඖෂධ පිළිබඳව නිසි සොයාබැලීමකින් තොරව  භාවිතයට ගැනීම හරහා  ඉතාම භයානක ප්‍රතිඵල අත්විය හැකි බවැඩ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය . අවධාරණය කර සිටී ,
මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දවමින් එම සංගමයේ සංස්කාරක  වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේ පැවසීය
“මේ ඖෂධ ගැන   යම් බලාපොරොත්තුවක් තබාගෙන ඉන්න එක හොඳයි රටක් විදියට. නමුත් අවසන් විග්‍රහයේදී විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදයක් හරහා මේක සනාථ වෙනකල් මේ පිළිබඳ අනවශ්‍ය විශ්වාසයක් තබලා කටයුතු කිරීම හරහා ඉතාම භයානක ප්‍රතිඵල එන්න පුළුවන්.
මේ හරහා  ජනතාවට ඇත්තටම අනුගමනය කළයුතු පුරුදු අමතක වෙන්න පුළුවන් ,. මේවා සාර්ථක වෙලා ප්‍රතිඵල සනාථ වෙලා ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් ඉදිරිපත් වෙනතාක් කල් අපි මේ දක්වා අනුගමනය කළ මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදුත් එක්ක ඉස්සරහට යාම තමයි කළ යුත්තේ.”