ත්‍රිකුණාමලය වරාය සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා පවසන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බවයි.
ඒ, ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පිළිබඳ අද පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමින්.
ඉන්දියාව සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳවත්, එළඹෙන බාධාවන් පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.