ත්‍රස්තවාදීන් නොගත්තත් වැරදි පණිවිඩ යැව්වොත් හිරේ

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

රටේ ආරක්ෂක තත්වය පිලිබඳව සමාජ ජාල මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සූදානම් වේ.

අසත්‍ය තොරතුරු හේතුවෙන් මහජනතාව කළබලයට හා භීතියට පත්වීම මෙන්ම ආරක්ෂක අංශ නොමඟ යැවීමද සිදුවන බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කර සිටී..

‍එබැවින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන්ට එරෙහිව හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ක්‍රියාකල හැකි බ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.