ත්‍රස්ත ප්‍රහාර අවසන් කිරිමට ජනපති නායකත්වය ගනි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රට හමුවේ මතුව ඇති ත‍්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලූ ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත් විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ඊට අවශ්‍ය නායකත්වය පහසුකම් සහ මගපෙන්වීම නොමදව ලබාදීමේ වගකීම තමා ඉටුකරන බව ජනාධිපතිතුමා  පවසයි .

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සමග අද (25) පස්වරුවේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා,

රට තුළ මතු වූ හදිසි තත්ත්වය හමුවේ ගෙවී ගිය දින කිහිපය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ සියලූදෙනා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කළ මෙහෙවර මෙහි දී අගය කළ ජනාධිපතිතුමා රටේ සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් සහ පුළුල් වැඩපිළිවෙළක් ඔස්සේ අඛණ්ඩව ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම  පැහැදිලි කළේය.

රට තුළ මතුවූ බලාපොරොත්තු නොවූ මෙම හදිසි තත්ත්වය හමුවේ මෙරට ආරක්ෂක අංශවලට මෙන්ම ජනතාවට නව අභියෝගයකට මුහුණදීමට සිදු වුවත් ශ‍්‍රී ලංකා ජාතියේ අතීත අත්දැකීම් මෙන්ම නොමඳ ජාත්‍යන්තර සහය හමුවේ එම අභියෝගය ජය ගැනීම කිසිසේත් අපහසු නොවනු ඇති බවට ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කරන ලදී.

ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ඉකුත් සිවු වසරේ දී රට තුළ තහවුරු කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස සමග මෙම අනපේක්ෂිත තත්ත්වය පිළිබඳ කවුරුන් කුමන ආකාරයේ විග‍්‍රහ විවේචන සහ මත පළ කළ ද මෙම සිදුවීම පිළිබඳ  සැබැ අවබෝධයකින් අවංකව සහ රට ගැන හැගීමකින් යුතුව කටයුතු කිරීම සියලූදෙනාගේ වගකීම බවයි.