නවතම පුවත්

ත්‍රස්ත සැකකරුවන් ලෙස ලාංකිකයන් 4ක් ලන්ඩනයේදී අත්අඩංගුවට

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

එංගලන්තයේ ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපලට ගිය ශ්‍රී ලාංකිකයන් සිව්දෙනකු එරට දී රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මෙට්‍රොපොලිටන් ත්‍රස්ත විරෝධී ඒකකයේ රහස් පරීක්ෂකයන් විසිනි.

ලාංකිකයන් සිව්දෙනා එහි ගොස් ඇත්තේ පසුගිය බදාදා (10) යි.

මේ වනවිට එරට බෙඩ්ෆොඩ්ෂයර් පොලිස් ස්ථානයේ රදවා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය පවසයි.

2000 වසරේදී ත්‍රස්ත විරෝධී පනතේ 11 වැනි වගන්තිය යටතේ තහනම් කෙරුණු ත්‍රස්ත සංවිධානයකට සාමාජිකත්වය දැරූ බවට සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණ.

එහෙත් පසුදින මොවුන් තවදුරටත් රදවා තබාගැනීමට හේතුවී ඇත්තේ 2000 ත්‍රස්ත විරෝධී පනතේ 7 වැනි වගන්තිය යටතේ යි.

1984 පොලිස් හා අපරාධ සාක්ෂි පනත යටතේ ද මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවත් තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතින බවත් ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්