නවතම පුවත්

ත්‍රිපෝෂ නිෂ්පාදනයට  අයවැයෙන් මිලියන 1500ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ළමා පෝෂණ අතිරේකයක් වන ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා මේ වසරේ අයවැයෙන් මිලියන 1500 ක් වෙන් කර ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
ළමුන් අතර මන්දපෝෂණය තුරන් කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් මතු කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඇතැම් මව්පියන්ට උදේ ආහාරය ලබාදීමට නොහැකි වීම නිසා ළමයින් පාසල් නොයන බවත්, ගැහැණු ළමයින්ගේ සනීපාරක්ෂක ගැටලු වාර්තා වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ වසරේ සිට ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත්, ඉදිරියේදී පෙර පාසල් දරුවන්ට උසස් තත්ත්වයේ බිස්කට් ලබා දීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත්  පැවසීය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්