නවතම පුවත්

ත්‍රීකුණාමල වරායෙන් වසරකට කෝටි 90 මහ විශාල ආර්ථික පාඩුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායේ සිදු කෙරෙන මෙහෙයුම් කටයුතු සඳහා ගෙවිය යුතු ගාස්තු වරාය පරිශ්‍රයෙහි පිහිටි පිටි සහ සිමෙන්ති නිෂ්පාදනය කරනු ලබන බහුජාතික සමාගම් දෙකක් විසින් නොගෙවා (පී්‍රමා සමාගම හා මිට්සුයි සමාගම) පැහැර හැරිම හේතුවෙන් අවම වශයෙන් වසරකට රුපියල් කෝටි 90 ක පමණ පාඩුවක් වරාය අධිකාරියට සිදුව ඇති බව වරාය සේවකයෝ පවසති.

වරාය අධිකාරියට අයවිය යුතු ගාස්තු අයකර ගැනීමකින් තොරව නෞකා භාණ්ඩ හැසිරවිමට ත්‍රිකුණාමලය වරාය පාලකයන් ඉඩදි කටයුතු කරමින් සිටින බව සේවකයන් චෝදනා කරති ඒ අනුව නැවක් වරායට පිවිසිමේ සිට පිටව යනතෙක් සිදු කෙරන මෙහෙයුම් කටයුතු සඳහා වරායට අයවිය යුතු ගාස්තු වන නිෂ්පාදන පැටවිම හා ගොඩබෑමට අදාල ගාස්තු ටොන් එකක් සඳහා භාණ්ඩවල බරට ගෙවිය යුතු ගාස්තු ගොඩබෑම සහ ප්‍රවාහන ගාස්තු පයිලට් හා ටග් යාත්‍රා විසින් නැව් මෙහෙයවිමට අදාල ගාස්තු ඇතුළු අයවිය ගාස්තු නොගෙවා නැව් ගාස්තුව හා නැවිගේෂන් ගාස්තුවෙන් කොටසක් පමණක් ගෙවා මෙම සමාගම් දෙක සුවිශේෂි වරප්‍රසාදයක් ලබා ගනිමින් කටයුතු කරන බවත් වරාය ප්‍රදේශයට වෙනත් සමාගම් සඳහා පිවිසිමට නොහැකි ආකාරයේ අධිකාරිත්වයක්ද මොවුන් විසින් පවත්වාගෙන යන බව ත්‍රිකුණාමලය වරාය සේවක සංගමයේ කැඳවුම්කරු නන්දසිරි රෝහණධිර මහතා ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබු ලිපියක දැක්වේ.

පසුගිය පෙබරවාරි 15 වනදා ටෝකියෝ සමාගම විසින් මෙට්ටි්‍රක් ටොන් 17,500 ක් වන එකලස් නොකරන ලද සිමෙන්ති පැටවිමට පැමිනි නෞකාවකට අදාලව ඉහත සඳහන් ගාස්තු යටතේ අයවිය යුතු මුදල වන 15,161,749 ක මුදල නොගෙවා ඇති බවත් ඊට හේතුව කුමක්ද යන්න හෙළි කල යුතුව ඇති බව එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වේ වරායට භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පැමිණිමේදි එහි ටොන් එකක භාණ්ඩ බරට වරාය සඳහා ගෙවිය යුතු ගාස්තුව වන ඩොලර් ශත පනහක ගාස්තුවද නොගෙවා සිටින්නේ කුමන පදනමක සිටද යන්න ගැටළු සහගත බව සේවකයන් කියති මේ හේතුවෙන් අවම වශයෙන් වසරකට රුපියල් කෝටි 90 ක විශාල ආර්ථික පාඩුවක් රටට සිදුවන බවත් වසර 16 කට පෙර මෙම සමාගම් දෙකෙහි (ටෝකියෝ සහ ප්‍රීමා) මෙහෙයුම් කටයුතු වරාය අධිකාරියේ සේවකයන් විසින් සිදුකල නමුත් මේ වනවිට එම සමාගම් විසින් පැටවිමේ හා ගොඩබෑමේ කටයුතු වලින් වරාය සේවකයන් ඉවත් කර එකී සමාගම් විසින්ම මෙහෙයුම් කටයුතු කරමින් සිටින බව සේවකයන් පවසති

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්