නවතම පුවත්

තාත්තා කියු දේ වෙනස් කර කී හරීන් පැය 5ක් රහස් පොලීසියේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (28) පැය 5ක ප්‍රකාශයක් ලබාගත් අතර එහිදී ඔහු මීට පෙර ලබාදුන් ප්‍රකාශය වෙනස් කොට ලබාදුන් බව වාර්තා වේ.

මෙහිදී නිලධාරීන් ප්‍රශ්න කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරයෙන් පසු ඔහු පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළ ප්‍රකාශක් සම්බන්ධයෙනි.

පාස්කු ප්‍රහාරයේ උණුසුමත් සමග එවකට වගකිවයුතු ඇමතිවරයෙක්ව සිටි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී සදහන් කරන්නේ පල්ලිවලට ප්‍රහාර එල්ල කරනන බව රෝහලේ ලෙඩ ඇදේ සිටි සිය පියාද දැනගෙන සිටි බවකි.

පියාට ඒ පිළිබද දැනගන්නට ලැබුණේ කෙසේදැයි තමා නොදන්නා බව මන්ත්‍රීවරයා පවසා ඇත. පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වන බැවින් පසුදින පල්ලි නොයන ලෙස පියා තමාට පැවැසූ බවත් හරීන් ප්‍රනාන්දු මහතා එම මාධ්‍ය හමුවේදී පැවැසුවේය. සිය පියාගේ ඒ උපදෙසට අනුව ඔහු පසුදා පල්ලි නොයන අතර බෝම්බ පුපුරන්නේද එදිනමය.

එවකට රටේ ප්‍රධානියාව සිටි මෛත්‍රීපාල ජනාධිපතිවරයාද පාස්කු ප්‍රහාරය ගැන ආරක්ෂක අංශ තමාව දැනුවත් කලේ නැතැයි කියද්දී ලෙඩ ඇදේ සිටි හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා ඒ ගැන දන්නේ කෙසේදැයි මෙන්ම හරීන් පියාගේ වචනය අසා පල්ලි නොගොස් නිහඩව සිටීම ගැන සමාජයේ දැඩි කතාබහට ද ලක්විය

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබ මන්ත්‍රීවරු පිරිසක් පෙරටුකරගෙනය. ඒ පෙරවරු 10.30 ට පමණය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීශ්‍රයට ඇතුළුවීමට අවසරය තිබුණේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට පමණි. ඒ අනුව හරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටි නව මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලට ඇතුළු වන්නේ තනිවමය.

එහිදී ඔහුව සුහද ශීලීව පිළිගන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉහළ මහලේ කාමරයකට රැගෙන ගොස් ප්‍රශ්ණ කිරීම් ආරම්භකරන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අධික්ෂණයෙන් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙක් විසිනි. හරීන් මන්ත්‍රීවරයාත් සිනාමුසු මුහුණින් ප්‍රශ්න කිරීමට ආරම්භක අවස්ථාවේදී මුහුණ දෙන්නට විය. එදා රටේම මාධ්‍ය ඉදිරියේ ලෙඩ ඇදේ සිටි පියා විසින් කීවා යැයි කී ඒ කථාව තමාට කීවේ පියා නොව, සහෝදරිය විසින් බව ඔහු කියන්නට ගත්තේය.

මේ අනුව මන්ත්‍රීවරයා පෙර ලබාදුන් ප්‍රකාශය වෙනස් කොට ඊයේ දින රහස් පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්