අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නිරත අමෙරිකානු ආරකෂක දෙපාර්තමේන්තු සේවිකාවගේ අත්බෑගය කොල්ලකෑම, තායිලන්ත තානාපතිවරයාගේ නිල නිවසට ඇතුළු වී දේපොල සොරාගැනීම සහ ඉන්දියානු වීසා සෙන්ටර් ආයනය හොරු බිදීම යන අපරාධ තුනම මෙතෙක් විසදීමට හෝ අපරාධකරුවන් කවුරුන්දැයි කියාවත් පැහැදිලිවම හදුනා ගැනීමට පොලීසිය සමත්ව නැත.
බම්බලපිටිය පොලිස් වසමේ පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ඉන්දියානු වීසා සෙන්ටර් ආයතතනය සොරුන්ගේ ග්‍රහනයට ලක්වන්නේ පසුගිය 14 වෙනිදා රාත්‍රී කාලයේදීය.
වීසා සෙන්ටර් ආයතනයට ඇතුළු වූ සොරුන් රැගෙන ගොස් තිබුණේද රුපියල් එක්ලක්ෂ පනස්දහසක් වටිනා ලැප්ටොප් පරිගණකයක් වීසා සෙන්ටර් ආයතනයේ ආරක්ෂක කැමරා පද්ධතියේ දර්ශන රූගත වන ඩී.වී.ආර්. කොටස් 02ක් සහ රුපියල් 36,500ක් වටිනා නෙට්වර්ක් හබ් එකක් පමණකි. මෙම දේපොලවල මුළු වටිනාකම ලෙස සැලකෙන්නේ රුපියල් දෙලක්ෂ විසිඑක්දහස් පන්සියයකි.
අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නිරත අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඩැනා ඩිස් කැම්බල් මහත්මියගේ අත්බෑගය කොල්ලකෑමට ලක්වන්නේ පසුගිය 2022 වසරේ ඔක්තෝබර් 29 වෙනිදා කොළඹ 07 කුරුදුවත්තේ ග්‍රෙගරි පාරේදීය. යතුරු පැදියකින් ගමන්කරමින් සිටි කොල්ලකරු ඇගේ ගෙලබැදි රන් මාලය කොල්ලකෑමට ගත් උත්සහය ව්‍යාර්ථ වීමෙන් අනතුරුව අත්බෑගය කොල්කා තිබුණි. එහි ඇගේ ණය කාඩ්පත, ජංගම දුරකතනය, අමෙරිකානු ඩොලර් 1250 ක් සහ රුපියල් 20,000ක මුදලක් ඇතුළු තවත් වටිනා ලියකියවිලි රැසක් තිබී ඇත.
කොල්ලකරු පසුව එම ලියකියවිලි තැපෑලෙන් තානාපති කාර්යාලයට යොමුකර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. පොලීසියේ මෙම ප්‍රමාදය හේතුවෙන් අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනිය සිය පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමේ සූදානමක් ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.
තායිලන්ත තානාපති පොජ් හාන්පොල් මහතා පදිචිව සිටින කොළඹ 07 පිහිටි නිල නිවස සොරුන් විසින් බිදින්නේ පසුගිව 2022 වසරේ නොවැම්බර් 06 වෙනිදාය. මෙදින අලුයම් කාලයේදී නිල නිවසට ඇතුළු වන හොරෙක් විසින් තානාපතිවරයාගේ ජංගම දුරකතනය, සමරුපලකයක්, තායිවාන් මුදල් සහ ශ්‍රී ලංකාරුපියල් නෝට්ටු ඇතුළු වටිනාකියන දේවල් රැසක් සොරාගෙන ගොස් තිබුණි.
මෙම සොරකම් සහ කොල්ලකෑම් තුන ගැනම විමර්ශන පවත්වන්නේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.