නවතම පුවත්

හොර ලියවිලි තියන් ඩ්‍රෝන් යැවූ තරුණයා අල්ලයි

අසංක

අසංක

ව්‍යාජ ලෙස සකස්කළ අවසර පත්‍ර ළඟ තබාගෙන ඩ්‍රෝනා යානයක් ළග තබාගෙන ගුවන්ගත කළ තරුණයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අංගොඩ, ගොතටුව පතන්වත්තේ පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඩ්‍රෝනා යානා ක්‍රියාකරවීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය මගින් නිකුත්කරන ආරක්ෂක නිෂ්කාශන සහතිකයක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙක් බලපත්‍රයක් අවශ්‍ය බව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තරුණයා එම බලපත්‍ර නිසි ලෙස ලබා නොගෙන ව්‍යාජ ලෙස සකස් කළ බලපත්‍ර ළග තබාගෙන වංචනිකව ඩ්‍රෝනා යානාව ක්‍රියාකරවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම යානාව ගුවන්ගත කළ අවස්ථාවකදී ඒ ගැන පොලීසිය විමසිලිමත් වූ අවස්ථාවක ඔහුු මෙම ව්‍යාජ ලේඛන පෙන්වා පොලීසිය පවා නොමග යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

මෙම ඩ්‍රෝනා යානාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත. මෙම තරුණයා විවිධ ආයතනවලට මෙම යානාවෙන් වීඩියෝ දර්ශන ලබාදී තිබෙන බවත් විවහා මංගල සහ උත්සව අවස්ථා රූපගතකිරීම් සඳහා මෙම යානය යොදා ගෙන ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්