නවතම පුවත්

තායිලන්තයේ බලය ව්‍යාපාරික තරුණ දේශපාලන නායකයෙක් වෙත

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තායිලන්ත මහ මැතිවරණයෙන් එරට විරුද්ධ පක්ෂ දෙකක් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ඇති අතර, මූව් ෆෝවඩ් පක්ෂය ආසන 151ක් සහ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය තරග කළ ෆෙවු තායි පක්ෂයට හිමිව ආසන 141ක් හිමිව තිබේ.

2014 සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව හමුදාවේ සහයෙන් බලය ලැබූ වත්මන් පාලක පක්ෂයට දැවැන්ත පරාජයක් හිමිව තිබේ.

මේ වන විට 99%ක් ඡන්ද ගණනන් කිරීම අවසන් වීමේ තත්ත්වය තුළ වත්මන් පාලක ප්‍රයුත් චාන්-ඕ-චාගේ පක්ෂය දැවැන්ත පසුබෑමකට ලක්ව ඇත.

මූව් ෆෝවඩ් පක්ෂයේ නායක පිටා ලිම්ජරොන්රාත් ඊයේ (15දා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතිය පළ කළේය. එමෙන්ම ශක්තිමත් රජයක් පිහිටුවීම සඳහා ඔහු සෙසු විරුද්ධ පක්ෂවලටද ආරාධනා කළේය.

42 හැවිරිදි තරුණ නායකයෙකු වන පීටා හාවඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන අතර, ඔහු ව්‍යාපාරික පසුබිමකින් පැමිණි දේශපාලඥයෙකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්