නවතම පුවත්

තැන්පත්කරුවන් සුසුම් ලද්දී අත්අඩංගුවට ගත්  එදිරිසිංහ පවුලේ සාමාජිකයන්ට  පැය 24කටත් පෙර ඇප

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට ඊයේ (6) ඇප මත නිදහස්ව ගියේ වින්දිතයන් වූ තැන්පත්කරුවන්ගේ දැඩි විරෝධය, ඝෝෂා, හැඬුම්, සුසුම් මධ්‍යයේයි.
නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය ඊයෙර් සවස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔවුන්ව මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අතර ඔවුන්ගේ විදෙස්ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කෙරිණි.
එසේම ඔවුන්ට සති 2කට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද අධිකරණය නියෝග කළේය.
එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකිරීමටද නීතිපතිවරයා තිරණය කර ඇති බව වාර්තා විය.
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා  උපදෙස් ලබාදී තිබුණි.
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි නීතිපතිවරයා පෙරේදා  පොලිස්පතිට උපදෙස් ලබාදී තිබේ.
ඒ, රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළවය.
ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සහ ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් 2011 වසරේ සිටම එහි තැන්පතුකරුවන්ගෙන් වරින්වර චෝදනා එල්ල විය.
තැන්පතුකරුවන්ට ඔවුන්ගේ හිමිකම් ලබාගැනීමේ ගැටලු උද්ගතවූ අතර ඒ හේතුවෙන් උද්ඝෝෂණ සහ විරෝධතා සිදුකෙරුණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 ජනවාරි මස 09 වනදා මෙම අයථා ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනු ලැබීය.
එදිරිසිංහ පවුලේ සාමාජිකයන් වන අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීමට නියම කෙරුණේ එම කොමිසමේ වාර්තා පදනම් කරගෙන ය.
මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු තැන්පත්කරුවන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බරපතළ චෝදනා ලැබ සිටින රිෂාද් බදියුදීන්, රාජිත සේනාරත්න ආදි පුද්ගලයන්ට ඇප දුන් පරිදිම මොවුන්ට ඇප දෙන්නේ ද නැතිනම් නීතිය ක්‍රියාත්මක කරන්නෙ ද යන්න තමන් බලාසිටින බවයි.
අත්අඩංගුවට ගත් අධ්‍යක්ෂ මණ්ඩලයට අධිකරණ නියෝගයෙන්  ඇප ලැබුණේ ඊට හෝරා කිහිපයකට පසුව ය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්