පැතුම් වික්‍රමරත්න
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියර අද (04) පැවැත්වේ.
ඒ අනුව පොලීසිය, මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව හිමිවේ.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර පසුගිය 31 සහ පළමුවෙනිදා පැවැත්විණ.
එම දිනයන්හිදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වනදා අදාළ වන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කළ හැක.