තැන නොතැනක් නැහැ අපෙ රාජකාරියේ
අවෙලාවත් වෙලාවයි දේවකාරියේ
ඉවක් බවක් නැති ඉව අල්ලන සරියේ
බඩගිනි උහුලගෙන යමු දෙන්නම ආයේ
උඹත් මමත් නිලධරයොයි මේ කාරියේ
මිනිසුන් වෙනුවෙනි උඹ දිවි නොතකා ආයේ
එබැවින් නුඹ උතුම් වෙයි තෙත ඇති ම’ළයේ
තිබහ නිවා යළි යමු රාජකාරියේ

ඡායාරූපය : Another Eye