තිරිඟු පිටි මිල වැඩිවීම බොරු – මංගල

Picture of අසංක

අසංක

රුපියල් 8.50කින් තිරිඟු පිටි මිල වැඩි කරන බවට සමාජය තුළ අසත්‍ය ප්‍රචාරයක් පැතිරී යන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල වැඩි කළ නොහැකි බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙයි.

මෙය නීති විරෝධී ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව වැටලීම් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.